2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:15
නවතම පුවත්

ජනාධිපති උපදේශක හාන්ස් තවමත් කොම්පැනියක වැඩද? – ඇමති විජිත පැහැදිලි කරයි

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ලෙස ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තිකයකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මෑතකදී පත් කිරීම රටේ ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යෑමට පිටිවහලක් බව රජය සඳහන් කළේය.

කැබිනට් ප්‍රකාශක සහ ඇමැති විජිත හේරත් ප්‍රකාශ කළේ අන්තර්ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් වන ආචාර්ය විජයසූරිය, ඩිජිටල් පරිවර්තනය සඳහා වූ රජයේ දැක්මට සහාය දැක්වීම සඳහා ආයතනික ලෝකයේ ලාභදායී තනතුරකින් ඉවත්ව සැළකිව යුතු පෞද්ගලික කැපකිරීමක් කර ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික බලාපොරොත්තු වෙනුවෙන් ඔහුගේ කැපවීම සම්බන්ධයෙන් කර්මාන්තය තුළ හොඳ පිළිගැනීමක් තිබෙනවා, එය මෙම මෙහෙයුම සඳහා ඔහුගේ විශ්වසනීයත්වය සහ කැපවීම තහවුරු කරනවා” යනුවෙන් හේරත් ඇමැතිවරයා සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ආචාර්ය විජයසූරියගේ නම සහ තනතුර ඔහුගේ හිටපු සේවා යෝජකයාගේ ආයතනික වෙබ් අඩවියේ දිගින් දිගටම දක්නට ලැබෙන බැවින් සහ ඔහුගේ ද්විත්ව භූමිකාවන් ව්‍යාකූලත්වයට හේතු විය හැකි බවට අනුමාන කිරීම් ඇති කරන බැවින් එය විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් වියහැකි බවට ප්‍රශ්නයක් මතු කෙරිණි.

කෙසේවෙතත්, හේරත් ඇමැතිවරයා එය ප්‍රතික්ෂේප කළේ එය සමාගමේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයක් විය හැකි බව පවසමිනි.

ආචාර්ය විජයසූරියගේ කාර්යභාරය සහ අභිප්‍රායන් පිළිබඳ රජය පූර්ණ විශ්වාසය තබා ඇති බව ඔහු අවධාරණය කළේය.“මේ වන විට ලබා දී තිබෙන්නේ එම තනතුර සඳහා පත්වීම් ලිපි පමණයි. ඉදිරි සතිවලදී උපායමාර්ගික මුලපිරීම් ආරම්භ කිරීමට නියමිතයි,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories