2026 මාර්තු 18 බදාදා, 19:37
නවතම පුවත්

ජනාධිපති උපදේශක හාන්ස් තවමත් කොම්පැනියක වැඩද? – ඇමති විජිත පැහැදිලි කරයි

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ලෙස ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තිකයකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මෑතකදී පත් කිරීම රටේ ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යෑමට පිටිවහලක් බව රජය සඳහන් කළේය.

කැබිනට් ප්‍රකාශක සහ ඇමැති විජිත හේරත් ප්‍රකාශ කළේ අන්තර්ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් වන ආචාර්ය විජයසූරිය, ඩිජිටල් පරිවර්තනය සඳහා වූ රජයේ දැක්මට සහාය දැක්වීම සඳහා ආයතනික ලෝකයේ ලාභදායී තනතුරකින් ඉවත්ව සැළකිව යුතු පෞද්ගලික කැපකිරීමක් කර ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික බලාපොරොත්තු වෙනුවෙන් ඔහුගේ කැපවීම සම්බන්ධයෙන් කර්මාන්තය තුළ හොඳ පිළිගැනීමක් තිබෙනවා, එය මෙම මෙහෙයුම සඳහා ඔහුගේ විශ්වසනීයත්වය සහ කැපවීම තහවුරු කරනවා” යනුවෙන් හේරත් ඇමැතිවරයා සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ආචාර්ය විජයසූරියගේ නම සහ තනතුර ඔහුගේ හිටපු සේවා යෝජකයාගේ ආයතනික වෙබ් අඩවියේ දිගින් දිගටම දක්නට ලැබෙන බැවින් සහ ඔහුගේ ද්විත්ව භූමිකාවන් ව්‍යාකූලත්වයට හේතු විය හැකි බවට අනුමාන කිරීම් ඇති කරන බැවින් එය විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් වියහැකි බවට ප්‍රශ්නයක් මතු කෙරිණි.

කෙසේවෙතත්, හේරත් ඇමැතිවරයා එය ප්‍රතික්ෂේප කළේ එය සමාගමේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයක් විය හැකි බව පවසමිනි.

ආචාර්ය විජයසූරියගේ කාර්යභාරය සහ අභිප්‍රායන් පිළිබඳ රජය පූර්ණ විශ්වාසය තබා ඇති බව ඔහු අවධාරණය කළේය.“මේ වන විට ලබා දී තිබෙන්නේ එම තනතුර සඳහා පත්වීම් ලිපි පමණයි. ඉදිරි සතිවලදී උපායමාර්ගික මුලපිරීම් ආරම්භ කිරීමට නියමිතයි,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories