ජනාධිපති ආරක්ෂක කොට්ටාසයේ සේවය කරමින් සිටි නිලධාරීන් 307 දෙනෙක් වහාම ක්‍රියාත්මකවන පරිදි වෙනත් කොට්ටාස සඳහා ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ මැතිවරණ කොමිශන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව, රාජ්‍ය සේවා කොමිශන් සභාවේ හා කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ වගන්ති අනුව බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ.
මීට අමතරව, තවත් නිලධාරීන් දෙනෙක්ට ජනාධිපති ආරක්ෂක කොට්ටාසය වෙත ලබා දී ඇති තාවකාලික අනුයුක්ත කිරීමේ නියෝගය මැතිවරණ කොමිශන් සභාවේ අනුමැතියට යටත්ව රාජ්‍ය සේවා කොමිශන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව වහාම ක්‍රියාත්මකවන පරිදි අවලංගු කර තිබෙනවා.
තවත් නිලධාරීන් දෙදෙනෙක්ට ස්ථානමාරුවීම් ද ලබා දී ඇති බවද එහි සඳහන්.