2026 මාර්තු 18 බදාදා, 18:34
නවතම පුවත්

ජනාධිපති අපේක්ෂක මාලිමා නායක අනුර කුමාර දිසානායක රට භාරගෙන වෙනම මාවතක ගෙන යනවලු

රට වෙනම මාවතක ගෙනයා යුතු තත්ත්වයක් අද වන විට උද්ගතව ඇති බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා ඇති බව වාර්තා වේ.
ඒ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමිනුයි.
රටේ දේශපාලනමය පරිවර්තනයක් වීමට කාරණා දෙකක් සම්පූර්ණ විය යුතු බවත් එහි පළමු වැන්න තමන්ගේ සුපුරුදු පාලන ක්‍රමය යටතේ පාලකයින්ට රට තවදුරටත් ඉදිරියට ගෙනියෑමට නිහැකි තත්ත්වයක් ඉස්මතුවීම බවත්, එවන් තත්ත්වයක් අද ඉස්මතුව ඇති බව ද ජනතාවට තමන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගෙනි යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීම නිසා වර්තමානයේ සිදුව ඇති බව ද වැඩි දුරටත් පවසා ඇති බව සඳහන් වේ.

පසුගිය වසර කිහිපය පුරාවට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විදිහට, ඔවුන්ගේ තනි අනන්‍යතා ඇතිව ක්‍රියාත්මක වෙමින් හිටි බවත් ඒ පක්ෂ දෙක, දේශපාලන සංස්කෘතිය අතින්, ආර්ථික ප්‍රතිපත්ති අතින් සහ රට දණ ගැස්වීම අතින් කඳවුරු දෙකක් නියෝජනය නොකරන බව ද ඒ මහතා සඳහන් කොට ඇත.
එහිදී වැඩි දුරටත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ “1978 වසරේ අතුරු මැතිවරණයක් පැවැත්වුණා. මැතිවරණ කොට්ඨාස 4ක. අපි ඒ මැතිවරණයට ප්‍රජාතාන්ත්‍රිකව තරග කළා. 1981 වසරේ පැවැත්වුණු සංවර්ධන කවුන්සිල මැතිවරණයටත් අපි තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ මැතිවරණය වර්ජනය කළ පසුබිමක. 1982 ජනපතිවරණයත් අපි තරග කළා. ජනමත විචාරණයක් හරහා පළාත් සභා මැතිවරණ කල්දැමීමට එරෙහිව අපි නැගී සිටියා. ඒ නිසා, අපි හැම අවස්ථාවකම ඉතාම ස්ථීරසාරවම ගමන් කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතක. අපිට හැංගෙන්න කිසිම හේතුවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වෙලා කැලෑ දේශපාලනය කරපු දේශපාලන බලවේගයක් නෙවෙයි අපි. නමුත් 1983 වසරේ එවක හිටපු ආණ්ඩුවම කලු ජූලිය නිර්මාණය කළා. කලු ජූලිය දඩමීමා කරගෙන අපිව තහනම් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරලා අපේ වෘත්තිය සමිතිත් තහනම් කළා.

අපිට තිබුණේ විකල්ප දෙකයි. එකක් දේශපාලනය අත්හැරීම නැතිනම් දේශපාලන දිගටම කරගෙන යාම. තහනම තිබුණත් අපි දේශපාලනය දිගටම කරගෙන යාම තෝරාගත්තා. එයින් පස්සේ තත්ත්වය සිවිල් යුද්දයක් වෙනකන්ම දරුණු වුණා. අපි නොකළ යුතුව තිබුණු දේවල් මේ කාලවකවානුවේ අපි කළා. ඒ දේවල් ගැන කම්පනය සහ කණගාටුව අපි දැනටමත් පළකරලා තිබෙනවා. නමුත් ඒ අපේ වචන නෙවෙයි. අපි නැවතත් දේශපාලන වේදිකාවට ආවේ 1994 වසරේ දී.

අපි බලයට එන්නේ කාගෙන්වත් පළිගන්න නෙවෙයි. අපට කා එක්කවත් පෞද්ගලික ආරෝවක් නැහැ. නමුත්, අපට වගකීමක් තිබෙනවා යුක්තිය පසදන්නට. අපයනය ආදායම අතින් දකුණු කොරියාව, වියට්නාමය වගේ රටවල් බොහෝමයක් අපිව පහුකරගෙන ගිහින්. අපිට මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ දූෂණය නිසා. මේ දූෂණය නිසා ආයෝජකයින් අපේ රටට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දූෂණ නිසා ප්‍රමුඛත්වය ලැබිලා තියෙන්නේ අත්‍යාවශ්‍ය ව්‍යාපෘතිවලට නෙවෙයි අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපෘතිවලට. ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.1. වැය කරලා හම්බන්තොට වරාය හැදුවා. නමුත්, අපට තිබුණා ඒ මුදල පිරිපහදුවක් වෙනුවෙන් ආයෝජනය කරන්න. ඒ හරහා අපට පුළුවන්කම තිබුණා සැළකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කරගන්නට. අපේ රටේ දූෂිතයින්ට විරුද්ධව පියවර ගන්න හැකියාව තියෙන්නේ දූෂිතයන් නොවන බලවේගයකට පමණයි. දූෂිතයින්ට දඩුවම් කරනවාය කියන එක 1994 වසරේ ඉදන් චන්ද්‍රිකාගේ, මහින්දගේ, මෛත්‍රීපාලගේ සහ ගෝඨාභයගේ වේදිකාවලින් ඇහුණු දෙයක්. දූෂිතයින් කවදාවත් දූෂිතයින්ට දඩුවම් කරන්නේ නැහැ. දූෂිතයින් හැමදාම කරන්නේ දූෂිතයින්ව ආරක්ෂා කරන එක. ජාතික ජනබලවේගය ප්‍රමුඛත්වය දෙන්නේ දූෂණය අවසන් කිරීමට.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories