2026 මාර්තු 24 අඟහරුවාදා, 01:10
නවතම පුවත්

ජනාධිපති අනුර වියට්නාම ජනාධිපති හමුවෙයි

වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
ඒ එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුවය.

ඒ අනුව ජනාධිපතිවරයා සහ වියට්නාම ජනාධිපතිවරයා අතර සාකච්ඡා ආරම්භ වූ අතර මේ සඳහා දෙරටේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් ද එක්විය.

සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වියට්නාම ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරය ඉතා වැදගත් බවත් එය වියට්නාම – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 55 වන සංවත්සරය සනිටුහන් කරන බවත්ය.

ඉදිරි කාලයේදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාව වඩාත් වැදගත් හා ඵලදායි කිරීම සඳහා සහයෝගීතාව ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් වියට්නාම ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම දෙරට අතර ඵලදායී හා සාර්ථක හමුවක් පැවැත්වූ බවත් පැවසූ වියට්නාම ජනාධිපතිවරයා පැවසුවේ දෙරට අතර දිගුකාලීන සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාවය අගය කිරීමේ ප්‍රතිපත්තිය නැවත තහවුරු කළ බවය.

රාජ්‍ය නායකයින් දෙදෙනාගේ මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී දෙරට අතර කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, තොරතුරු හා සන්නිවේදනය, සංස්කෘතික හුවමාරු සහ බෞද්ධාගම වැනි අනෙකුත් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාවය ප්‍රමුඛත්වය දීම සහ පුළුල් කිරිම අඛණ්ඩ සිදුකිරීමට දෙරට අතර එකඟ වී ඇති අතර දෙරටේ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා දෙරටේම ගුවන් සමාගම් දිරිමත් කිරීමත් ජනතාව අතර ආර්ථික සහයෝගීතාවය සහ සංචාරක ව්‍යාපාරය තවදුරටත් වැඩි කිරීමටත් එකඟ වී තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, වියට්නාමයට සිය පළමු රාජ්‍ය සංචාරය ඇරඹීමට ලැබීම තමන්ට ගෞරවයක් වන බවය.

එමෙන්ම මෙය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සියලු ක්ෂේත්‍රවල දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තහවුරු කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවත් පැවසූ ජනාධිපතිවරයා එය වසර 55ක රාජ්‍ය ත්‍රාන්තික සබඳතා සහ සියවස් ගණනක් පුරා බෙදාගත් සංස්කෘතික හා ආගමික හුවමාරුවල ශක්තිමත් පදනමක් බවද සඳහන් කළේය.

වර්තමාන ගෝලීය ආර්ථික උච්චාවචනයන් හමුවේ වෙළෙඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව දෙරට අතර එකඟ වූ බවත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීමට, වෙ‍ෙළඳ හුවමාරු සඳහා පහසුකම් සැලසීමට සහ ද්විපාර්ශ්වික ආයෝජන ආරක්ෂණ ගිවිසුම සහ ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුම වැනි වැදගත් ගිවිසුම් සමාලෝචනය කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූ බව තහවුරු කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories