2026 මාර්තු 20 සිකුරාදා, 13:03
නවතම පුවත්

ජනාධිපතිවරණයේ ‘ඩමි’ අපේක්ෂකයන්ගේ පහසුකම් ඉවතට.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අනෙකුත් අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය කරන අපේක්‍ෂකයන්ගේ සියලු පහසුකම් අහෝසි කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

අපේක්‍ෂකත්වය අවභාවිත කරමින් එලෙස කටයුතු කරන්නන් පිළිබඳ තහවුරු වීමේදී ඔවුන්ට කාර්යාල පවත්වා ගෙන යෑම්, ගුවන් කාලය ලබා දීම් ආදී සියලු පහසුකම් නතර කරන බව රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.

එලෙස කටයුතු කිරීම බරපතළ වරදක් බව ත් ඒ පිළිබඳව කල් ඇතිව දැනුම් දී තිබූ බව ත් සභාපතිවරයා අවධාරණය කළේ ය.

මේ අතර, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව අනෙකුත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළ අපේක්ෂකයන්ට පහසුකම් ලබා නොදෙන්න යැයි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (අයිරෙස්) මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කර ඇත.

අපේක්ෂකත්වය අවභාවිත කරමින් කටයුතු කරන අපේක්ෂකයන් වෙත මැතිවරණ කොමිෂන් සභාව ලබා දෙනු ලබන වරප්‍රසාද සහ අයිතීන් ප්‍රදානය කිරීම සුදුසු ද යන්න පිළිබඳව අවධානය යොමු කරන ලෙස එමගින් ඉල්ලා ඇතැයි අයිරෙස් විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

එවැනි පිරිස් අනෙකුත් අපේක්ෂකයන්ගේ රැස්වීම්වලට සම්බන්ධ වීම්, නිදහස් ගුවන් කාලය භාවිත කරමින් ඔවුන් ප්‍රවර්ධනය කිරීම් වාර්තා වන බව ගජනායක මහතා කීවේ ය.

වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීම පිළිබඳව ඔවුන්ගේ අපේක්ෂකත්වය ඉවත් කිරීමට නිශ්චිත නීතියක් නැති නමුත් මැතිවරණ ආචාරධර්ම පද්ධතිය යටතේ එසේ කිරීමට නොහැකි යැයි ද ගජනායක මහතා අවධාරණය කළේ ය.

ඒ අනුව, මැතිවරණ කොමිසමින් ලබා දෙන පහසුකම් නතර කිරීමට හැකි යැයි ගජනායක මහතා කීවේ ය.

මෙවැනි ක්‍රියා සිදු කරන පිරිස් තම සංවිධානය අපේක්ෂක ප්‍රතිරූපකයන් ලෙස හඳුන්වන්නේ යැයි ඔහු පැවසීය.

පස් දෙනෙකුටත් වඩා එවැනි ක්‍රියාවල යෙදෙන්නන් නිරීක්ෂණය වන්නේ යැයි ගජනායක මහතා කීවේ ය.

මේ අතර, එම ක්‍රියාකලාපයන් මැඩලීමට වහා ම නීති ගෙනා යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

උසස් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ විශ්වාසයක් පවතින මොහොතක මෙලෙස ක්‍රියා කිරීම මුළුමනින්ම මැතිවරණ ක්‍රියාවලියෙන් ජනතාව ඈත් කරවන කටයුත්තක් යැයි ගජනායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories