2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:34
නවතම පුවත්

ජනවාරියේ ශ්‍රී ලංකා රුපියල අන්තිම නරක්වෙලා

2024 දී ඉහළම ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා රුපියල ජනවාරි මාසයේ සිව්වැනි සතිය අවසන් වන විට ක්‍රියාකාරී නැගී එන වෙළඳපොළ තුළ නරකම මුදල් ඒකකය ලෙස දැකිය හැකි බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව, ජනවාරි 24 වැනි දින අවසන් වන විට රුපියල 2025 සඳහා 1.72%ක සෘණ ස්ථාන ප්‍රතිලාභයක් වාර්තා කර ඇත.

ක්‍රියාකාරී නැගී එන වෙළඳපොළ තුළ අනෙකුත් නරකම මුදල් ඒකක වූයේ පිළිවෙළින් 1.46% සහ 0.89%ක සෘණ ස්ථාන ප්‍රතිලාභයක් පෙන්වූ ආර්ජන්ටිනා පෙසෝ සහ තුර්කි ලීරාය.

2025 දී මේ දක්වා රුසියානු රූබල් 16.07%ක ස්ථාන ප්‍රතිලාභයක් සමඟ ඉහළම නැගී එන වෙළඳපොළ මුදල් ඒකකය වූ අතර කොලොම්බියානු පෙසෝ 5.45%ක ප්‍රතිලාභයක් සමඟ දෙවැනි ස්ථානයට පත්විය.

එක්සත් ජනපද ඩොලරයකට රුපියල රු. 300ක අගය කිරීමෙන් පසු 10.85%ක ප්‍රතිලාභයක් සමඟ ඉහළම ක්‍රියාකාරී නැගී එන වෙළඳපොළ මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල 2024 දී සටහන් වීතිබිණි.

2024 දී ශ්‍රී ලංකාව සංචාරක හා ප්‍රේෂණවලින් ඩොලර් බිලියන 9.6ක ඒකාබද්ධ ඩොලර් ආදායමක් සහ ඩොලර් බිලියන 13ක අපනයන ආදායමක් උපයා ඇති අතර, මහ බැංකුව වෙළඳපොළෙන් ඩොලර් බිලියන 2.6ක් පමණ මිලදී ගෙන රුපියල ඉහළ නංවමින් ආනයන ඩොලර් බිලියන 18ක පමණ තබාගෙන තිබිණි.

2024 දෙවන සහ තුන්වන කාර්තු සඳහා උද්ධමන ඉලක්කය උල්ලංඝනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ මහ බැංකුව පැවසුවේ, බාහිර අංශය බොහෝ දුරට ස්ථාවර වී ඇති බවයි.

මීට අමතරව, වසර කිහිපයකට පසු මෝටර් රථ ආනයනය සැලසුම් සහගතව ලිහිල් කිරීම ද 2025 සිට ඉහළ ආනයන ඉල්ලුමක් සහ බාහිර ජංගම ගිණුමේ හිඟයක් අපේක්ෂා කිරීමට හේතුවන බව එහි සඳහන් විය.

තවද, භූ දේශපාලනික ආතතිය ඉහළ යෑම හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන්වල අනාගත චලනයන් වර්තමානයේ ඉතා අවිනිශ්චිත බව ද මහ බැංකුව පැවසීය.

එවැනි තත්ත්වයක් තුළ, බාහිර ණය සේවාකරණය නැවත ආරම්භ වන අවස්ථාවන්හිදී අධික ලෙස සහනශීලී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් ආනයන ඉල්ලුම උග්‍ර කළ හැකි බවත්, එමඟින් බාහිර අංශයේ ස්ථාවරත්වයට අවදානම් ඇති කරන බවත් විනිමය අනුපාතයේ විශාල අවප්‍රමාණයක් ඇති කළ හැකි බවත් එහි තවදුරටත් දක්වා තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories