2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:04
නවතම පුවත්

ජනප්‍රිය නිළියක් හදිසියේ මියයයි

දකුණු කොරියානු නිළි Kim Sae-ron මියගොස් ඇතැයි එරට පොලීසිය තහවුරු කර තිබේ.

24 හැවිරිදි වියේ පසුවූ Kim Sae-ron Seongsu-dong දිස්ත්‍රික්කයේ පිහිටි ඇගේ නිවසේ මියගොස් සිටියදී මිතුරකු විසින් සොයාගෙන ඇතැයි ද පොලීසිය පවසයි.

මරණයට හේතුව අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩ පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.

කිම්, ළමා නිළියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, 2000 වසරේ සෝල් හි උපත ලද ඇය 2009 වසරේ A Brand New Life චිත්‍රපටයේ ඇයගේ භූමිකාව සමඟ ප්‍රසිද්ධියට පත්වූවාය.

එමෙන්ම Kim Sae-ron ඉකුත් දා පැවැති කෑන්ස් චිත්‍රපට උළෙලට ද සහභාගී වී තිබේ.

2010 වසරේ දකුණු කොරියාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන The Man from Nowhere සහ 2012 ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Neighbour හිද Kim Sae-ron රංගනයෙන් දායක විය.

ඇයගේ රංගන දිවියේ අනෙකුත් කැපීපෙනෙන භූමිකාවන් අතර 2014 A Girl at My Door චිත්‍රපටය සහ 2016 දී Mirror of the Witch වැනි රූපවාහිනී නාට්‍යය ඇතුළත් වේ.

බීමතින් රිය පැදවීම හේතුවෙන් Kim Sae-ron 2022 දී බොහෝ දුරට රංගනයෙන් ඉවත්ව සිටි අතර, වරදට දඬුවම ලෙස 2023 අප්‍රේල් මාසයේදී වොන් මිලියන 20 (පවුම් 11,000) දඩයක් නියම විය.

කිම්ගේ අවසන් භූමිකාව වූයේ 2023 දී Netflix හි ප්‍රචාරය වූ Bloodhounds කොරියානු නාට්‍යයයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories