2025 ජූලි 18 සිකුරාදා, 14:41
නවතම පුවත්

ජනපති Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය නරඹන්න යයි

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වෙයි. ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය හෙටින් (01) අවසන් වේ.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ.

එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ප්‍රදර්ශන කුටි වෙත යමින් ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය.

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories