ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති Khalid Hamoud Nasser Aldasam Alkahtani අද (10) දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඇත.
මෙහිදී අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජුගේ සුබපැතුම් තානාපති අල්කතානි විසින් ජනාධිපතිවරයා වෙත පිරිනමන ලද බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කළේය.
කලාපය තුළ පවත්නා වත්මන් තත්ත්වය සහ සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා සිදුකර ඇති බවය