2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:20
නවතම පුවත්

ජනපති සමාව අවභාවිතා කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති පොදු සභාව අනීතීක ලෙස භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයක් පිළිබඳ අවධාරණය කර තිබේ .

පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබාදීමේ වැඩසටහනට අනුව සිරකරුවන් කිහිපදෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ . නමුත් ඊට අමතරව වෙනත් සිරකරුවන් කිහිප දෙනෙක් ද බන්ධනාගාරය විසින් සමාව ලබා දුන් සිරකරුවන් ලෙස සලකා අනී ටික ලෙස නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය හයවැනි දින ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ .

මේ සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිවේදනයේ සඳහන් කර තිබේ .

අනීතික ලෙස ජනාධිපති පොදු සභාව යටතේ නිදහස් කළ සිරකරුවන් සම්බන්ධව අදාළ බන්ධනාගාර නිලධාරියෙන් ඇතුළුව ඊට සම්බන්ධ සියලූම නිලධාරීන්ටරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කරනු ලබන අතර එහිදී හෙළිදරව් වූ කරුණු අනුව මීට පෙරත් මෙලෙසම ජනාධිපති පොදු සමාව යටතේ ඊට අදාළ නොවන සිරකරුවන් නිදහස් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් වන්නේ මේ සම්බන්ධව ඉදිරියේදී විමර්ශනය කරනු ලබන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණයේ වරදකරුවන් වූ පුද්ගලයන් අනීතිකව නිදහස් කිරීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරනු ඇති බවයි .

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories