2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:23
නවතම පුවත්

ජනපති ලේකම් කාර්යාලයෙන් ව්‍යාපෘති කාර්යාල 38ක් ඉවතට

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ අමාත්‍යාංශ ව්‍යපෘති කාර්යාල 38 ක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් වී ඇතැයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

එලෙස මාරු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස අතර ව්‍යපෘති කාර්යාල 38 අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්ද සිටින බව එම නිලධාරියා පැවැසුවේය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කල ව්‍යපෘති කාර්යාල 38 ඒ ඒ අමාත්‍යාංශවල පිහිටවනු ඇති බවත් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස නව පත්වීමක් ලැබෙනු තුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයේ සිටිනු ඇති බවත් එම උසස් නිලධාරියා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක අතිරික්තයක් තිබෙන බැවින් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් කළ බවත් ඇතැම් වෘත්තීය සමිති කාර්යාල පවා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබී ඇති බවත් එම උසස් නිලධාරියා පැවැසුවේය.

මෙහි අරමුණ රජය වියදම් ඉතිරි කර ගනිමින් අවම කාර්ය මණ්ඩලයක් යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම බවද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.

ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබී ඇති එම නිලධාරී පිරිස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෙළෙඳ පහසුකම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවත් ඒ ඒ විෂයන්ට අදාළ අමාත්‍යංශ සමග සම්බන්ධීකරණය කිරීම එම නිලධාරී පිරිසේ රාජකාරිය වී ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිලධාරී සංචිතයට මාරුවීමට පෙර ඔවුන් සතුව ඇති රාජකාරී ලිපිගොනු සියල්ල එම විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අමාත්‍යංශවලට බාරදී අවසන් කරන ලෙස එම නිලධාරී පිරිසට දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එම නිලධාරී පිරිස සම්බන්ධීකරණය කළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති කාර්යාල ඊට අදාළ අමාත්‍යාංශයන් වෙත පවරන බැවින් ඔවුන්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ රඳවා තබා ගැනීමට සාධාරණ හේතුවක් නොමැති බවද ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.


(ලංකාදීප )

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories