2026 මාර්තු 20 සිකුරාදා, 23:43
නවතම පුවත්

ජනපති ලේකම් කාර්යාලයෙන් ව්‍යාපෘති කාර්යාල 38ක් ඉවතට

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ අමාත්‍යාංශ ව්‍යපෘති කාර්යාල 38 ක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් වී ඇතැයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

එලෙස මාරු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස අතර ව්‍යපෘති කාර්යාල 38 අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්ද සිටින බව එම නිලධාරියා පැවැසුවේය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කල ව්‍යපෘති කාර්යාල 38 ඒ ඒ අමාත්‍යාංශවල පිහිටවනු ඇති බවත් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස නව පත්වීමක් ලැබෙනු තුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයේ සිටිනු ඇති බවත් එම උසස් නිලධාරියා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක අතිරික්තයක් තිබෙන බැවින් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් කළ බවත් ඇතැම් වෘත්තීය සමිති කාර්යාල පවා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබී ඇති බවත් එම උසස් නිලධාරියා පැවැසුවේය.

මෙහි අරමුණ රජය වියදම් ඉතිරි කර ගනිමින් අවම කාර්ය මණ්ඩලයක් යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම බවද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.

ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබී ඇති එම නිලධාරී පිරිස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෙළෙඳ පහසුකම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවත් ඒ ඒ විෂයන්ට අදාළ අමාත්‍යංශ සමග සම්බන්ධීකරණය කිරීම එම නිලධාරී පිරිසේ රාජකාරිය වී ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිලධාරී සංචිතයට මාරුවීමට පෙර ඔවුන් සතුව ඇති රාජකාරී ලිපිගොනු සියල්ල එම විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අමාත්‍යංශවලට බාරදී අවසන් කරන ලෙස එම නිලධාරී පිරිසට දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එම නිලධාරී පිරිස සම්බන්ධීකරණය කළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති කාර්යාල ඊට අදාළ අමාත්‍යාංශයන් වෙත පවරන බැවින් ඔවුන්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ රඳවා තබා ගැනීමට සාධාරණ හේතුවක් නොමැති බවද ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

(ලංකාදීප )

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories