ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද එනම් (27) දා සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළහ.