2025 මැයි 06 අඟහරුවාදා, 09:03
නවතම පුවත්

ජනපති බායි ඩිං විහාරස්ථානය වැඳ පුදා ගනියි

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (04) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන බායි ඩිං (Bai Dinh) විහාරස්ථානයට පැමිණ වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකා සහ වියට්නාම් ජාතික ධජ අතැතිව වියට්නාම් ජනතාව එහි පිවිසුම් දොරටුව අසලදී ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විහාරස්ථාන භූමියේ සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැකබලා ගැනීමට මඟ දෙපස විශාල පිරිසක් රැස්ව සිට ඇති අතර ඔහුද දෙරටේ ජාතික ධජ ලෙලවමින් සිය ආචාරය පිළිගැන්වූ බව සඳහන් වේ.
ජනාධිපතිවරයා විහාරස්ථානයේ ප්‍රධාන බුද්ධ මන්දිරය වෙත පැමිණ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, භික්ෂුන් වහන්සේලා විසින් සෙත්පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කර තිබේ.

අනතුරුව, ජනාධිපතිවරයා විහාරස්ථාන භූමියේ පිහිටි ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන ඇති අතර, එම බෝධීන් වහන්සේ 2023 වසරේදී බායි ඩිං (Bai Dinh) විහාරස්ථාන භූමියේ රෝපණය පිණිස ශ්‍රී ලංකාවෙන් පූජා කරන ලද අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ ශාඛාවකි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ බෝධීන් වහන්සේ වටා ඉදි කරන ලද ප්‍රාකාරයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙහිදී විවෘත කර ඇත.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විහාරස්ථාන පරිශ්‍රයේ සල් ශාකයක් රෝපණය කර ඇති අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සවි කර ඇති පුවරුවද නිරීක්ෂණය කළ බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විහාරාධිපති හිමියන් වෙත සිහිවටන තිළිණයක්ද පිළිගන්වා ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු දූත පිරිස මෙම අවස්ථාවට එක්වී තිබේ.

නවතම පුවත්

Web 20 (2)
හෙට අවධානය යොමු කල යුතු මට්ටමක උණුසුමක්
හෙට අවධානය යොමු...
Web image new template new (1)-Recovered-Recovered
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි
යුද පුහුණු අභ්‍යාසයක්...
Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web image new template new (1)-Recovered-Recovered
හෙට බැංකු විවෘතව තබන වේලාවන් මෙන්න
පළාත් පාලන මැතිවරණය...

උණුසුම් පුවත්

Web 20 (2)
හෙට අවධානය යොමු කල යුතු මට්ටමක උණුසුමක්
හෙට අවධානය යොමු...
Web image new template new (1)-Recovered-Recovered
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි
යුද පුහුණු අභ්‍යාසයක්...
Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web image new template new (1)-Recovered-Recovered
හෙට බැංකු විවෘතව තබන වේලාවන් මෙන්න
පළාත් පාලන මැතිවරණය...

දේශපාලන

Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web 18 (2)
මැතිවරණ නීති කඩමින් පොලිසියට මරණ තර්ජන කළ පුද්ගලයෙක් දැලේ
මැතිවරණ නීති කඩමින්...
Web 17 (3)
ප්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප්‍රචාරක පත්‍ර බෙදූ අපේක්ෂකයාට වැඩ වරදී
ප්‍රභාකරන්ගේ රුව...
Web 13 (3)
පුංචි ඡන්දෙට හෙට සුරාසැල් වැ​සේ
පුංචි ඡන්දෙට හෙට...

Categories