2026 මාර්තු 25 බදාදා, 04:53
නවතම පුවත්

ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට

පසුගිය දා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුන් උපදෙස් හා අනුමැතියට අනුව, දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා දෙහිවල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූයේ දුම්රිය ස්ථානයේ පවතින අඩුපාඩු සහ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීම් හඳුනා ගැනීමයි.

ඊයේ (ජූලි 17) පැවති නිරීක්ෂණ චාරිකාව අතරතුර අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේ, දෙහිවල දුම්රිය ස්ථානයේ පවතින අනාරක්ෂිත තත්ත්වයන් නිරාකරණය කර, මගීන්ට වඩාත් සුවපහසු සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා කඩිනම් පියවර ගන්නා බවයි. ඒ අනුව, දුම්රිය ස්ථානය අවට තාප්පය දිගු කිරීම, දුම්රිය මගීන් සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලසීම සහ ආබාධිත මගීන් සඳහා පහසුකම් සැපයීම වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, දෙහිවල දුම්රිය ස්ථානය අසල බස් රථ විශාල සංඛ්‍යාවක් නවත්වන බැවින්, එම බස් රථවලින් පැමිණෙන මගීන්ට මෙන්ම දුම්රියෙන් පැමිණෙන මගීන්ටද නිසි වැසිකිළි පහසුකම් නොමැති බවයි. මෙය කඩිනමින් විසඳිය යුතු ගැටලුවක් බවත්, විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීම සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා දෙහිවල දුම්රිය ස්ථානයට නිසි වැසිකිළි පද්ධතියක් අත්‍යාවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.

මීට අමතරව, සංචාරකයින් සඳහා මහජන හිතකාමී පහසුකම් සහිත ආහාර අලෙවිසැල් ඉදිකිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. මේ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති අතර, ඒවා ඉක්මනින්ම තම අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.දෙහිවල දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, අදියර වශයෙන් වැඩ අවසන් කරන බවත් ප්‍රවාහන අමාත්‍යවරයා නිවේදනය කළේය.මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා දෙහිවල-ගල්කිස්ස නගරාධිපති, ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ දුම්රිය නිලධාරීන් පිරිසක්ද අමාත්‍ය බිමල් රත්නායක මහතා සමඟ එක්ව සිටියහ. ජනාධිපතිවරයාගේ දැක්ම අනුව, දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවීමට මෙම පියවරයන් මහත් පිටිවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories