ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) පස්වරුවේ බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා (Waldorf Astoria) හෝටලයේ දී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul ) මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණේ රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව ය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, විදේශ කටයුතු, විදේශ රැකියා හා වෙළෙඳ අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් ( යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.