කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) දා පෙරවරුවේ සහාභාගි වුණි.
එහිදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත ය.
දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසඳරක ද නිරත විය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශනය ඊයේ (27) දා ආරම්භ වූ අතර, ඔක්තෝබර් 06 වැනිදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත් වේ.