ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂක වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් ඊයේ දිනයේදි ප්‍රකාශ කොට ඇත.
ඒ සමග හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ අරඹා ඇති බව වාර්තා වේ.
ඒ අනුව තම පුද්ගලික ආරක්ෂක නිලධාරීයා වන නෙවිල් වන්නිආරච්චි මහතාගේ දුරකථනයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රට පුරා සිටින හිටපු පලාත් සභා මන්ත්‍රිවරුන්ට, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ද දුරකථන ඇමතුම් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා සෘජුවම නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට කැප වී වැඩ කරන ලෙස ඉල්ලා සිටින බවට ආරංචි පැතිර යන බව ද වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කිරීමේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන සියල්ලක්ම ලබාදීමට සූදානම් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ පිරිසට දැනුම් දී ඇති බව ද සඳහන් වේ.