2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:14
නවතම පුවත්

ජනපති අනුර පුටින්ට ලියුමක් යවපු බව පකිර් කියයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක BRICS සංවිධානය වෙත සම්බන්ධ වීමට කැමැත්ත පළකර ඇති බව මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති පකිර් අම්සා පවසා ඇත.

RIA Novosti වෙත අදහස් දක්වමින් Pakir Amza පවසා ඇත්තේ, “ශ්‍රී ලංකාව BRICS පවුලට සම්බන්ධ වීමට තම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යවමිනි. අනෙකුත් BRICS රටවලට හවුල් රටක් ලෙස එක්වන ලෙසත්, ඔවුන්ගේ ධනාත්මක ප්‍රතිචාර අපේක්ෂා කරන ලෙසත් ඉන් ඉල්ලා ඇත” යනුවෙනි.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යවා ඇති බව ඔහු සඳහන් කර තිබේ.

2024 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් නිවේදනය කළේ BRICS සහ New Development Bank හි සාමාජිකත්වය සඳහා අයැදුම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ රාමුව තුළ පුළුල් බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කිරීම තුළින් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව, සාමය සහ සංවර්ධනය සඳහා ඇති ආශාව සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සංගමය ඵලදායී හවුල්කාරිත්වයක් ලෙස ශ්‍රී ලංකාව සලකන බව ඔහු ප්‍රකාශ කළේය.

BRICS සංවිධානයට බැඳීමට කොළඹ දරන උත්සාහයට සහාය දෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටි බව පසුගිය දෙසැම්බරයේ ද වාර්තා විය.

කෙසේවෙතත් මේ වන විට එම උත්සාහයන් අසාර්ථක වී ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories