මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි මහා පෙරහර ඊයේ (08) ජනාධිපතිවරයා නරඹමින් සිටි ස්ථානයට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් යැවූ විදේශිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපතිවරයා මහමළුවේ විවෘත ස්ථානයක සිට පෙරහර නරඹමින් සිටියදී ඊට ඉහළ අහසේ ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ගුවන් හමුදාවට නිරීක්ෂණය වී ඇත. එහිදී ගුවන් හමුදාව විසින් එය බිම හෙළීමට පියවර ගෙන ඇත. ඩ්‍රෝන කැමරාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පෘතුගීසි ජාතික තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කැමරාව ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගෙන ඇත්දැයි මේවන විට විමර්ශනය කෙරෙමින් පවතී.