ජර්මනියේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (ජූනි 13) එරට වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවීමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා අද ජර්මානු සංචාරක සංගම් නියෝජිතයින් සමඟද සාකච්ඡා පවත්වන බවයි.
මේ අතර, ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයා ඊයේ (ජූනි 12) ජර්මානු ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ද හමුවී සාකච්ඡා පවත්වා ඇත.