2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:28
නවතම පුවත්

ජනපති අද එමීර් රාජ්‍යයට . අරාබි ජනපතිගෙන් ඇරයුමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව අද සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.

ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති මොහොඩ් බින් සයිඩ් අල් නහියන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එරට උප ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වන ශෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් හමුවීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ මාධ්‍ය යන අංශවල ලොව ප්‍රමුඛ පෙලේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි .

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories