2026 මාර්තු 25 බදාදා, 09:08
නවතම පුවත්

ජනපතිගෙන් IMF ට සෘජු ප්‍රකාශයක්!

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළේය. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වාධීනත්වය පිළිබඳව දැඩි දේශපාලනික කතිකාවක් ඇති කිරීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ කොළඹදී පැවති “Sri Lanka’s Road to Recovery: Debt and Governance” විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ, 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

මෙම ප්‍රකාශය, අතීතයේ IMF ණය වැඩසටහන් මත යැපීමෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගයන් සැලකිල්ලට ගත් කල, සැලකිය යුතු දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තිමය වෙනසක් පෙන්නුම් කරයි. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තොරව රටක් ලෙස නැගී සිටීමේ ජනාධිපතිවරයාගේ ස්වශක්ති අභියෝගය ලෙසද දැකිය හැකිය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories