2025 අගෝස්තු 16 සෙනසුරාදා, 04:39
නවතම පුවත්

ජනතා අප්‍රසාදයට ලක්වූ අයට නාමයෝජනා දෙන්න එපා

මැතිවරණවලට තරඟ කිරීම සඳහා සැකයට, අප්‍රසාදයට හා ජනතා අගෞරවයට ලක්ව ඇති අපේක්ෂකයන් වෙත නාම යෝජනා ලබානොදෙන ලෙසත් තරුණ හා කාන්තා අපේක්ෂිකාවන්ට වැඩි ඉඩක් දෙන ලෙසත් මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලා සිටී.

මාර්තු 12 ව්‍යාපාරය විසින් පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අයට අපේක්ෂකත්වය ලබාදීමට පෙර සලකා බැලිය යුතු කරුණු 08ක් ඉදිරිපත් කර තියෙන බවත් එය මෙවර මහ මැතිවරණයට අදාළ කරගන්නා ලෙසත් එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටී.

නාම යෝජනා භාරදීමට පෙර සමස්ත ජන ප්‍රජාවට සංවේදී ගෝලීය දැක්මක් සහ දේශීය චින්තනයක් ඇති නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට සහ මූල්‍ය කළමනාකරණයට හැකියාව ඇති ප්‍රායෝගික පුද්ගලයකු වීම. අපරාධ වරදක් සඳහා සිරදඬුවමකට ලක්වූ හෝ අත්හිටුවූ සිරදඬුවම්වලට ලක්වූවකු නොවිය යුතුයි. අල්ලස් හෝ දූෂණ පිළිබඳ වරදකරුවකු නොවූ සමාජය පිළිගත් චරිතවත් අයකු විය යුතුයි. එමෙන්ම අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා ලැබූ අය ගැන පරීක්ෂාකාරි විය යුතුයි. මධ්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එසේ නොකළ අයකු විය යුතුයි.

ජීව ආධාරක ව්‍යුහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාරවල යෙදුණු හෝ යෙදෙන අයකු නොවිය යුතුයි. මහජන නියෝජිතයකු වන්නට පෙර රටට අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇතිකරගත් සහ මහජන නියෝජිතයකුව සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිත කර රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇති කරගත් හෝ ගිවිසුමක පාර්ශ්වකරුවකු නොවන්නකු විය යුතුයි. නාමයෝජනා ලබාදීමේදී කාන්තා සහ තරුණ නියෝජනය සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබාදීමට ක්‍රියා කළ යුතුයි. ආගමික නායකයන් දේශපාලන භේදයකින් තොරව සමස්ත ජනතාවගේ ගෞරවය ලැබිය යුතු බැවින් ඔවුනට දේශපාලන පක්ෂ තුළින් නාම යෝජනා ලබා නොදිය යුතුයි යන්න සලකා බලන ලෙස හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටී

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories