ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පවසනවා.
ඊයේ (29) මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.
දිවයින පුරා ස්ථාපිත 13,000කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සහ 45කට වැඩි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක ජංගම රථ 3200ක් සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා.
ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ බුද්ධි වාර්තා මේවන විටට් ලබා ගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ට ඇති තර්ජනවල තක්සේරුව අනුව ඔවුන්ගේ සෘජු ආරක්ෂව සඳහා පොලිස් නිලදාරීන් 260ක් යොදවා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.
නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගෙන ඇති අතර මේවන විටත් එම කටයුතු සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා වැඩිදුරටත් සඳහන් කළා.