2025 අගෝස්තු 17 ඉරිදා, 12:31
නවතම පුවත්

ඡන්ද පෝස්ටර් ගලවන්න කම්කරුවන් 2000ක්- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පළාත් පාලන ඡන්දයේදී නීති විරෝධී පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 2,000ක් පමණ පිරිසක් බඳවා ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ බුද්ධික මනතුංග පැවසීය.

දිවයිනේ ම පොලිස් ස්ථාන 600ක් පමණ තිබෙන බව ත් එම සියල්ලේ ම මාර්තු 21 වන දා සිට මැයි 08 වන දා දක්වා තාවකාලික පදනමින් කම්කරුවන් 1,800ත් 2,000ත් අතර සංඛ්‍යාවක් බඳවාගෙන ඇති බව ත් ඔහු කීවේ ය.

ප්‍රධාන පොලිස් ස්ථානයකට කම්කරුවන් 04ක්, සෙසු පොලිස් ස්ථාන සඳහා කම්කරුවන් තිදෙනෙකු, ග්‍රාමීය පොලිස් ස්ථාන සඳහා කම්කරුවන් දෙදෙනෙකු වශයෙන් බඳවා ගැනීමට අවසර දී ඇති බව ඔහු කීවේය.

එම කම්කරුවන් සඳහා දෛනික වැටුප් ක්‍රමයකින් සකස්කර මාසිකව එය ලබා දෙන බව ත්, වැටුපට අමතරව රජයේ දීමනා හිමිවන බව ත් ඔහු කීවේය.
එක් අයෙකුට දිනකට දීමනා ද ඇතුළත්ව රුපියල් 2000- 3000 අතර වැටුපක් හිමිවන බව හෙතෙම කීවේය.

සෑම ස්ථානයක ම ඇති නීති විරෝධී පෝස්ටර් හා කටවුට් පොලිසිය විසින් කම්කරුවන් යොදවා ඉවත් කරනු ලබන බව ත් ඒ සඳහා විශාල වශයෙන් මුදල් වැය වනුයේද මහජන මුදල් ම බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ඒ අනුව, අපේක්ෂකයන් ද මැතිවරණ නීතියට අනුගතව ක්‍රියා කිරීම ඔවුන්ගේ යුතුකමක් ලෙස සැලකිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

මේ අතර, කිසියම් අපේක්ෂකයෙකු පළාත් පාලන ආයතන සභිකයෙකු ලෙස තේරී පත්වුවද නීති විරෝධී ප්‍රචාරණ, සංග්‍රහ කිරීම්, දූෂිත ක්‍රියා ආදී මැතිවරණ නීති උල්ලංඝණය කර ඇත්නම් එම පත්වීම් අවලංගු වීමට මැතිවරණ වියදම් නියාමන පනත අනුව හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

උණුසුම් පුවත්

ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories