2025 අගෝස්තු 15 සිකුරාදා, 02:47
නවතම පුවත්

ඡන්ද පොළකට පහරදීමට සූදානම් කර තිබු අවි ආයුධ රැසක් අත්අඩංගුවට

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙකක් සහ කඩුවක් ඊයේ (13) සොයාගත් බව සූරිය වැව පොලිසිය පවසයි.

එම ලොරියේ හිමිකාරිනියගෙන් සහ නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

ටී 56 ගිනි අවියක් ලොරි රථයක සඟවාගෙන ඡන්ද පොළකට පහරදීම සඳහා සූදානමින් සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සූරිය වැව පොලිසිය වහා ක්‍රියාත්මක වී සිදුකළ විමර්ශන වලදී එම ලොරියේ ඩිෆරන්සරයේ උඩ කොටසේ ඉටි බෑගයක ඔතා සඟවා තිබූ ටී කටක් ගිනි අවිය, බෝම්බ සහ උණ්ඩ පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම ආයුධ තොගය කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමට නිවැසියන් හෝ කිසියම් පුද්ගලයකු විසින් සඟවා තබන්නට ඇත්දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන අතර ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories