ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ නිළධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද උදෑසන ආරම්භ කර ඇත.
ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක් සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713 කට අදාළව ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණ ද මේ සමඟ යොමු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කර ඇත.
ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති කාර්යාල පවත්වාගෙන යාමට ලබාදී තිබූ කාලසීමාව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
මීට අමතර අපේක්ෂකයෙකුට මැතිවරණ කොට්ඨාස මට්ටමින් එක් කාර්යාලයක් පවත්වාගෙන යාමට හැකියාව ඇත. එහෙත් එම කාර්යාලය හැඳින්වීම සඳහා වර්ග අඩි 40 නොඉක්මවූ ප්‍රචාරක පුවරුව හැර අනෙකුත් පුවරු, පෝස්ටර් හෝ සැරසිලි මේ වනවිට ඉවත්කර තිබිය යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ.
මේ අතර මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන් 80,000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට සැළසුම් කර තිබේ.
මේ අතර හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් අද දිනයේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර, නැවත පාසල් ආරම්භ වන්නේ ලබන සඳුදා දිනයි.