පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 13,759 ක් ස්ථාපිත කර තිබෙන අතර ඒ අනුව අද (05) පස්වරුව වනවිට සියලු මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන් කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේය
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (06) උදෑසන 7.00 ට ආරම්භ විමට නියමිතයි.




