2025 අගෝස්තු 15 සිකුරාදා, 22:23
නවතම පුවත්

ඡන්දේ දවසට වහී කියලා බෝට්ටු ට්‍රැක්ටර් සුදානම් කරයි

දිස්ත්‍රික්ක රැසකට වර්ෂාපතනයක් ලැබෙන බවට අනාවැකි පළවීමෙන් පසු මැතිවරණ දිනයේ අයහපත් කාලගුණික තත්ත්වයන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටී.මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මැතිවරණ දිනයේදී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව එම ප්‍රදේශ හඳුනාගෙන ඇති බවයි.

“අදාළ රාජ්‍ය ආයතන සමඟ එක්ව අපි මූලික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මෙම ගැටළු විසඳීමට සහ අවම කිරීමට ක්‍රියාවලියක් දියත් කරනවා” ඔහු පවසා ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසන්නේ, මැතිවරණය පැවැත්වෙන බ්‍රහස්පතින්දා උතුර, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල මිලිමීටර් 100 දක්වා වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

ඉදිරි සතියේ අඟහරුවාදා සහ සෙනසුරාදා අතර මැතිවරණ කාලසීමාව තුළ නිරන්තර අනාවැකි සහිත වාර්තා සහිත විශේෂ මැතිවරණ සේවාවක් දෙපාර්තමේන්තුව විසින් සපයනු ඇති බවද ඔහු පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර ඇත්තේ, මැතිවරණ කාලසීමාව තුළ ගංවතුර, නාය යෑම් හෝ වෙනත් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට එම මධ්‍යස්ථානය සූදානම් බවයි.

පුත්තලම දිස්ත්‍රික්කය සඳහා විශේෂයෙන් ට්‍රැක්ටර් සහ යාපනය ඇතුළු හඳුනාගත් දිස්ත්‍රික්ක සඳහා බෝට්ටු සකස් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් රත්නායක සඳහන් කරයි.මේ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.ඡන්දය මධ්‍යස්ථාන 13,314කදී පැවැත්වේ.සමන් රත්නායක පවසන්නේ, සිකුරාදා පෝය දිනයක් බැවින් බෞද්ධ විහාරස්ථානවල පිහිටුවා තිබූ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානවලට ගෙන ගොස් ඇති බව ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories