එළබෙන 14 වනදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් විශේෂිත බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ඒ, අනුව එම විශේෂිත බස් රථ සේවාව අද (12) දහවල් සිට ක්‍රියාත්මක බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේ.
මේ අතර සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද (12) දිනයේ කොළඹ, ගම්පහ සහ කළුතර යන ප්‍රදෙශිකයන් තුනෙන් අතිරේක බස් රථ 70ක ප්‍රමාණයක් මධ්‍යම බස්රථ කාර්යාලයට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.
ඊට අමතරව හෙට (13) දිනයේ දී අතිරේක බස් රථ 80ක ප්‍රමාණයක් මධ්‍යම බස්රථ කාර්යාලයට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව හෙතෙම සඳහන් කරයි.
මේ අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් බස් රථ දහසකට වැඩි ප්‍රමාණයක් ලබාදීමට නියමිත බව ද සභාපතිවරයා පැවසිය.
එමෙන්ම පොලිස් නිලධාරින් ප්‍රවාහනය සඳහා තවත් බස් රථ 200ක් පමණ ලබාදීමට කටයුතු යොදා ඇති බව ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටි.