2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:41
නවතම පුවත්

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතනවලට නඩු දාන්න පුළුවන්

ඡන්දය ලබා දීම සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන ප්‍රමාණවත් නිවාඩු ලබා නොදුණහොත් මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස අධිකරණයේ නඩු පැවරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘මව්බිම’ ට පැවසීය.

ඡන්දය ලබා දීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බව ත් ඒ සඳහා ප්‍රමාණවත් නිවාඩු ලබා දිය යුතු බව ත් රත්නායක මහතා අවධාරණය කළේ ය.

පෞද්ගලික හෝ රාජ්‍යය ආයතන භාරව සිටින නිලධාරීන් ඒ පිළිබඳ ක්‍රියා කළ යුතු බව රත්නායක මහතා කීවේ ය.

වෘත්තීය සමිති ද පඩි වැඩි කිරීමට පමණක් නොව සේවකයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳවද හඬක් නැගිය යුතු බව රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට ජනාධිපතිවරණ ඡන්දය ලබා දීමට දින භාගයේ සිට දින තුනක් දක්වා නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියෝග කර ඇත.

ඒ අනුව, යම් සේවකයෙකු සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර කිලෝමීටර් 40 හෝ ඊට අඩුවේ නම් දින භාගයක නිවාඩුවක් ද කිලෝමීටර් 40-100 අතර වේ නම් දිනක නිවාඩුවක් ද හිමිවනු ඇත.

එමෙන් ම, කිලෝමීටර් 100-150 අතර වේ නම් දින 1 1/2ක නිවාඩුවක් ද කිලෝමීටර් 150 වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බව දැක්වේ.

ඇතැම් ඡන්දදායකයන්ට ස්වකීය ඡන්ද පොළට යෑමට හා ආපසු සේවා ස්ථාන කරා පැමිණීමට දින තුනක කාලයක් ගත වන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් ඇති හෙයින් එකී අවස්ථාවන්හිදී දින තුනක නිවාඩුවක් ලබා දීම ද සිදු කළ යුතු බව සඳහන් වේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories