2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:48
නවතම පුවත්

ඡන්දය දා සුව සේවා බිඳ වැටීමේ අවදානමක්.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදි සෞඛ්‍ය සේවාවන් බිඳවැටීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මේ වනවිට කිසිදු පියවරක් ගෙන නොමැති නිසා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඩාලවීමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය වෘතීයවේදින්ගේ විද්වත් සංගමය පෙන්වා දෙයි.

ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා තැපැල් ඡන්ද හිමිකම ලබා දී ඇත්තේ මැතිවරණ රාජකාරිවලට යොදවන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට පමණි. ඒ අනුව අනෙකුත් සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල තම ඡන්ද බල ප්‍රදේශයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කොට ඇත.

ඒ අනුව එදින සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල ඡන්දය ලබාදීමට සිය ඡන්ද බල ප්‍රදේශවලට පිටත්ව ගියහොත් එදින රෝහල් කටයුතු අඩාල විය හැකි බව සෞඛ්‍ය වෘතීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවැසීය.

මේ හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය අයිතිය හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල ඡන්ද අයිතිය අතර පරස්පරයක් ඇතිවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් මෙම සංගමය ඉල්ලා සිටින්නේ අවම තරමින් තමන්ගේ රාජකාරි ස්ථානයකට ආසන්නව ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථානයක් හෝ විකල්පයක් ඔවුන්ට ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ලිපි යොමු කළද මේ වන තෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද සෞඛ්‍යය වෘතීයවේදින්ගේ විද්වත් සංගමය සඳහන් කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories