අද (14) දිනයේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් වෙත යන ජනතාවට අදත් සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි
ඒ, සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි සියලු ඩිපෝ අධිකාරීවරුන් දැනුවත් කර ඇති බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ.
මේ අතර මගීන්ගේ ගමන් පහසුව වෙනුවෙන් අද (14) පෙරවරුවේ පෞද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් ධාවනය වන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය ධාවනය ද අද (14) දිනයේ දී සාමාන්‍ය පරිදි සිදුවන බවයි.