2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:27
නවතම පුවත්

චිත්‍රපට හදන්න සංස්ථාව දීපු කෝටි 12ක ණය ආපහු අයකරගෙන නෑ

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට නිෂ්පාදනයට සහ සිනමා ශාලා සදහා ලබාදුන් ණය මුදල්වලින් අයකර ගත හැකිව තිබු රුපියල් දො‍ලොස්කෝටි දහඅට ලක්ෂ දහඅට දහස් දෙසිය අසුහතරක මුදලක් (121,818,284) අයකර ගැනිමට කටයුතු කරනොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

චිත්‍රපට සංස්ථාවේ කළමණාකරණය විසින් මෙකි ණය අයකරගැනිමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනිම මත, මෙම ණය මුදල අයකරගැනිමට නොහැකිව ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දින වන විට චිත්‍රපට නිෂ්පාදනයට හා සිනමා ශාල සඳහා ලබාදී ඇති ණය මුදල්වලින් රුපියල් හතලිස්හත් කෝටි,අසුහතර ලක්ෂ,හැටපන්දහස්,දෙසිය තිස්අටක මුදලක් (478,465,238) චිත්‍රපට සංස්ථාවට අයවිමට තිබේ.

සිනමාශාලාවලින් සංස්ථාවට අයවිය යුතුව ඇති හිග මුදල රුපියල් තිස්අට කෝටි, අනූනව ලක්ෂ,හැටඑක් දහස්,තුන්සිය දහඅටකි (389,961,318).

සංස්ථාවට ලැබියයුතු මුදල්වලින් අධිභාර හා හානිකරණ ගැලපීම නිසා 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට අයකර ගත හැකි ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් දො‍ළොස් කෝටි, දහඅට ලක්ෂ,දහඅට දහස් දෙසිය අසුහතරක මුදලකි (121,818,284).

මේ පිළිබඳ චිත්‍රපට සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ, සිනමාශාල 142කින් හිග මුදල් අයකර ගැනිමට කටයුතු කරන අතර, වසාදමා ඇති සහ පැරණි හිඟ මුදල් සහිත සිනමාශාලාවලින් මේ වන විට රුපියල් මිලියන 27ක පමණ මුදලක් අයකරගෙන ඇති බවයි.

හිග මුදල් අයකර ගැනිමට නොහැකි සිනමාශාලාවලට නඩු පැවරිමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද චිත්‍රපට සංස්ථාව පවසා ඇත.

ජාතික චිත්‍රපට සංස්ථාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබිණි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories