2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:39
නවතම පුවත්

චාමර සම්පත්ව අධිකරණයට රැගෙන එයි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

නඩු තුනක් සම්බන්ධයෙන් පසුගිය 27 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ සමයේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3කින් මුදල් ඉල්ලා තිබේ.

එහිදී බැංකු දෙකකින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව සඳහන් වෙයි.
කෙසේවෙතත් තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් ලබාදීම එම බැංකුව ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට ඇති ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන තිබේ.

මෙමඟින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු ගොනුකර ඇත.
අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව පළමු චෝදනා 2 සඳහා චාමර සම්පත් දසනායක මහතාට ඇප හිමි වුවද තුන්වන චෝදනාවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories