කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ ඉන්දියාව සමඟ පැවැති තරඟය ලකුණු 82කින් පරජයට පත්වීමත් සමඟයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 172ක්.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 90ක් පමණයි.
මෙය මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද වනවා.
පරාජය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කළේ, තමන් ඇතුළු කණ්ඩායම සිදු කළ යුතු දේ පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවයි.
පන්දු යැවීමේ අංශය දුර්වල වීම තරගය පරාජය වීමට හේතු වනවා.
“අපි හොඳින් පන්දු යැව්වේ නැහැ. ඒ වගේම උඩපන්දු අතහරියා. මම, විශ්මි ඇතුළු පිරිසට හොඳින් පිතිකරණයේ යෙදෙන්න බැරි වුණා. අපි කරන්න අවශ්‍ය දේවල් ගැන නැවත සිතා බලන්න ඔනේ. අපිට මුල් තරග දෙකේදී අපිට ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න වුණත්, මෙම තරගයේදී හඹා යන්න වුණා. පළමු තරඟ දෙකේදී කණ්ඩායමේ පන්දුයැවීම ගැන සතුටුයි. අපේ පිතිකරණය වැඩිදියුණු කරන්න ඔනේ.”