2026 මාර්තු 24 අඟහරුවාදා, 23:47
නවතම පුවත්

ගෝඨා, රනිල් නොකරපු වැඩේ මේ ආණ්ඩුව කරනවා –රදගුරු සම්මේලනය කියයි

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ මේ වන විට ධනාත්මක ආකාරයෙන් සිදුවෙමින් පවතින බවත්, ඉතිරි වැඩ කටයුතු කඩිනමින් අවසන් කරනු ඇති බව තම පාර්ශ්වය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂගේ සහ රනිල් වික්‍රමසිංහගේ පාලනයන් යටතේ අදාළ බලධාරීන් බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු නොකරන බවට චෝදනා එල්ල විය.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා The Daily Morning වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වැනි ආයතන විසින් සිදුකරනු ලබන අදාළ විමර්ශන සම්බන්ධයෙන් මේ වන විට යම් සාධනීය බවක් දක්නට ලැබෙන බවයි.

“රාජපක්‍ෂ සහ වික්‍රමසිංහ පාලන සමය තුළ ඔවුන් නොසලකා හරින ලද සමහර පැති ගැන රහස් පොලිසිය දැන් අවධානය යොමුකර තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ඔවුන් මේ වන විට චැනල් 4 බෝම්බ ප්‍රහාරයන් පිළිබඳ හෙළිදරව් කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් කැඳවා ප්‍රකාශ සටහන් කර ගනිමින් සිනවා. අප බලාපොරොත්තු වූයේ එයයි. මෙම ප්‍රයත්නයන් එකම මට්ටමේ කැපවීමකින් ඉදිරියට යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසා ඇත.

වත්මන් පාලනයෙන් හුදු වාර්තා සම්පාදනය කිරීමට බලාපොරොත්තු නොවන බවද පවසන පියතුමා, බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවද සඳහන් කර ඇත.

“වික්‍රමසිංහ මහතා කළේ කමිටු පත්කර වාර්තා කැඳවීමයි. වාර්තා සම්පාදනය කිරීමෙන් පලක් නැහැ. ඒවායේ සොයාගැනීම් මත ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. අද ප්‍රගතිශීලී ප්‍රවණතාවක් අපි දකිනවා. කොහොමවුණත් රජය තවමත් විනිවිදභාවයෙන් සෑම දෙයක්ම කළ යුතුයි. රහසිගතව පරීක්‍ෂණ පවත්වා අපව දැනුවත් කරනවා වෙනුවට ඔවුන් කළ යුත්තේ ඒවායේ ප්‍රතිඵල මහජනතාවට දැනුම්දීමයි.”

2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා, පල්ලි තුනක් (කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ මඩකලපුවේ සියොන් දේවස්ථානය) සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් (Cinnamon Grand Colombo, The Kingsbury, and Shangri-la ) ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

එදිනම දෙමටගොඩ නිවසක සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලක තවත් බෝම්බ පිපිරීම් දෙකක් සිදු විය.

බෝම්බකරුවන් හැර 270 කට වැඩි පිරිසක් බෝම්බ ප්‍රහාරවලින් මියගිය අතර විදේශීය ජාතිකයන් 45 ක් පමණ ද ඇතුළුව අවම වශයෙන් 500 ක් තුවාල ලැබීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories