2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:25
නවතම පුවත්

ගෝඨා, රනිල් නොකරපු වැඩේ මේ ආණ්ඩුව කරනවා –රදගුරු සම්මේලනය කියයි

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ මේ වන විට ධනාත්මක ආකාරයෙන් සිදුවෙමින් පවතින බවත්, ඉතිරි වැඩ කටයුතු කඩිනමින් අවසන් කරනු ඇති බව තම පාර්ශ්වය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂගේ සහ රනිල් වික්‍රමසිංහගේ පාලනයන් යටතේ අදාළ බලධාරීන් බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු නොකරන බවට චෝදනා එල්ල විය.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා The Daily Morning වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වැනි ආයතන විසින් සිදුකරනු ලබන අදාළ විමර්ශන සම්බන්ධයෙන් මේ වන විට යම් සාධනීය බවක් දක්නට ලැබෙන බවයි.

“රාජපක්‍ෂ සහ වික්‍රමසිංහ පාලන සමය තුළ ඔවුන් නොසලකා හරින ලද සමහර පැති ගැන රහස් පොලිසිය දැන් අවධානය යොමුකර තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ඔවුන් මේ වන විට චැනල් 4 බෝම්බ ප්‍රහාරයන් පිළිබඳ හෙළිදරව් කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් කැඳවා ප්‍රකාශ සටහන් කර ගනිමින් සිනවා. අප බලාපොරොත්තු වූයේ එයයි. මෙම ප්‍රයත්නයන් එකම මට්ටමේ කැපවීමකින් ඉදිරියට යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසා ඇත.

වත්මන් පාලනයෙන් හුදු වාර්තා සම්පාදනය කිරීමට බලාපොරොත්තු නොවන බවද පවසන පියතුමා, බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවද සඳහන් කර ඇත.

“වික්‍රමසිංහ මහතා කළේ කමිටු පත්කර වාර්තා කැඳවීමයි. වාර්තා සම්පාදනය කිරීමෙන් පලක් නැහැ. ඒවායේ සොයාගැනීම් මත ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. අද ප්‍රගතිශීලී ප්‍රවණතාවක් අපි දකිනවා. කොහොමවුණත් රජය තවමත් විනිවිදභාවයෙන් සෑම දෙයක්ම කළ යුතුයි. රහසිගතව පරීක්‍ෂණ පවත්වා අපව දැනුවත් කරනවා වෙනුවට ඔවුන් කළ යුත්තේ ඒවායේ ප්‍රතිඵල මහජනතාවට දැනුම්දීමයි.”

2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා, පල්ලි තුනක් (කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ මඩකලපුවේ සියොන් දේවස්ථානය) සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් (Cinnamon Grand Colombo, The Kingsbury, and Shangri-la ) ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

එදිනම දෙමටගොඩ නිවසක සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලක තවත් බෝම්බ පිපිරීම් දෙකක් සිදු විය.

බෝම්බකරුවන් හැර 270 කට වැඩි පිරිසක් බෝම්බ ප්‍රහාරවලින් මියගිය අතර විදේශීය ජාතිකයන් 45 ක් පමණ ද ඇතුළුව අවම වශයෙන් 500 ක් තුවාල ලැබීය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories