2026 මාර්තු 28 සෙනසුරාදා, 14:12
නවතම පුවත්

ගේමක් අත්හදා බලන්න මවට පහරදීලා

විවිධ පුද්ගලයන්ට අමානුෂික අයුරින් වධහිංසා කර ඔවුන් විඳින වේදනාව දැක කුරිරු සතුටක් ලැබීම් හා සම්බන්ධ වීඩියෝ ගේම්වලට දැඩි සේ ඇබ්බැහි වූ බාලවයස්කාර පිරිමි දරුවකු විසින් ඒවා අත්හදා බැලීම සඳහා සිය මවට පහර දී තුවාල සිදුකිරීමේ පුවතක් පිළිබඳ ඉංගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉංගිරිය ප්‍රදේශයේ 10 හැවිරිදි පිරිමි දරුවකු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් පවතින අතර, අදාළ දරුවා දැඩි ලෙස ජංගම දුරකථනය භාවිතයට ඇබ්බැහි වී ඇති බවත්, ඔහු සවස 6 පමණ වෙද්දී ජංගම දුරකථනය රැගෙන කාමරයට වැදී පසුුදින පාන්දර 4 පමණ වනතෙක් එය භාවිතයෙහි යෙදෙන බවත්, අධ්‍යාපනයේ විශිෂ්ට දක්ෂයකු වන මොහු රාත්‍රිය මුළුල්ලේ අවදිව සිටීම හේතුවෙන් උදෑසන පාසල් යෑමට දැඩි මැළිකමක් දක්වන බවත් තහවුරුව ඇත.

එසේම යම් හෙයකින් ජංගම දුරකථනය ලබා නොදුනහොත් නිවසේ බඩුබාහිරාදිය පොඩි කරමින් ඔහු දැඩි ලෙස කලහකාරීව හැසිරෙන බවද පොලිසියට ලැබුණු වැඩිදුර තොරතුරුවලින් අනාවරණය වී තිබේ.

ඔහු නිරතවන වීඩියෝ ගේම්වල අන්තර්ගතය සම්බන්ධයෙන් සොයාබැලීමේදී ඒවා විවිධ පුද්ගලයන්ට අමානුෂික අයුරින් වධහිංසා කර, ඔවුන් වේදනාවෙන් කෑගසද්දී ඉන් කුරිරු සතුටක් ලබාගත හැකි ආකාරයේ ඒවා බව හෙළිවී තිබෙන අතර, පසුව මෙම පිරිමි දරුවා විසින් ඉන් එක් දර්ශනයක තිබූ ආකාරයට තම මවට විශාල ප්‍රමාණයේ ගලකින් පහර දී ඇති බවත්, ඉන් ඇයගේ කකුලකට තුවාල සිදුවීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් පොලිසිය පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු වාර්තා කිරීමෙන් පසු ලැබුණු උපදෙස් මත අදාළ පිරිමි දරුවා පරිවාස භාරයට යටත් කිරීමටත්, පරිවාස මාර්ගයෙන් ඔහු මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටත් මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව පොලිසිය පවසන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඉංගිරිය පොලිසිය සඳහන් කළේ, ජංගම දුරකථනය පාසල් දරුවන්ට ලබාදීමේදී මවුපියන් විසින් වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතාබැලිය යුතු බවත්,

ජීවිතයේ විවිධ රාජකාරි හමුවේ කාර්යබහුල වන මවුපියන්ගෙන් දරුවන් කෙරෙහි තිබිය යුතු අවධානය ගිලිහීම මෙවන් ඛේදවාචකයන්ට මූලික හේතුව වන බවත්ය. සිද්ධියට මුහුණදුන් දරුවාගේ මව සහ පියා එකිනෙකාගෙන් වෙන්ව ජීවත්ව ඇති බවද වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර, මෙම දරුවාගේ ගැටලුව මූලික කරගනිමින් ඉංගිරිය පොලිසිය විසින් දිගින් දිගටම ඔවුන් දෙදෙනා වෙත සිදුකළ අවවාද සහ දැනුවත් කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට ඔවුන් දෙදෙනා නැවත එක්ව දිවි ගෙවීමට තීරණය කර ඇති බවත් දැනගැනීමට ඇත.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩ විමර්ශන සිදුකෙරෙමින් පවතින අතර, දරුවා පිළිබඳව ඔහුගේ නිවසට ගොස් නිරන්තර පසු අධීක්ෂණ කටයුතු සිදුකරමින් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඉංගිරිය – එන්.පී. කහවල

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories