නිවසට නොදන්වා හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි අවුරුදු 16 ක පාසල් සිසුවියක සහ සිසුවකු හැටන් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය භාරයට ගෙන 22 වැනිදා හැටන් වැඩබලන මහෙස්ත්‍රාත් එස්. කරුණා කරන් මහතා වෙතඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙමව්පියන් වෙත භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඇල්පිටිය ප්‍රදේශයේ සිට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ යාමට පැමිණ සිටි මොවුන් පෙම්වතුන් බවත්, එම දෙදෙනා හැටන් නගරයේ සැරිසරමින් සිටිය දී හැටන් පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා නිවසට නොදන්වා ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බව ඔවුන් ප්‍රකාශ කළ බවත් පොලිසිය කියයි. හැටන් පොලිසියේ නිලධාරින් විසින් මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියෙන් කරුණු විමසීමේ දී මෙම පාසල් සිසුවිය සහ සිසුවා අතුරුදහන් වී ඇති බවට දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව සනාථ කිරීමෙන් පසු එම සිසුවිය සහ සිසුවාගේ දෙමවිපියන් හැටන් පොලිසිය වෙතකැඳවා ඔවුන් භාර දීමට යෑමේදී පාසල් සිසු විය දෙමව්පියන් සමග නිවසට යෑම ප්‍රතික්ෂේප කර ඇත. ඒ නිසා එම පාසල් සිසුවා සහ සිසුවිය අධිකරණය වෙත ඉදිරිපත් කර දෙමව්පියන් වෙත භාර දීමට හැටන් පොලිසියේ නිලධාරීහු පියවර ගෙන තිබේ.