කටුනායක ගුවන් බඩු ගම්මානයේ කූරියර් සේවයක් හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139ක් සොයාගත් බව රේගු නිවාරණ අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් පැවසීය.
කොළොම්බියාවේ බොගොටා නගරයේ සිට ගණේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ අඩංගුව තිබූ විදුලි උපකරනයක සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 23 හා 24 වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාෂණ නියෝජිතයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75කට තක්සේරු කර ඇත.
වැඩිදුර විමර්ශන සඳහා එම මත්ද්‍රව්‍ය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශය වෙත භාරදීමට නියමිතය.