2025 අගෝස්තු 15 සිකුරාදා, 05:14
නවතම පුවත්

ගිරවෙකු පොලිසියට හෙරක් අල්ලාදෙයි

නිවසේ ඇති කළ සුරතල් ගිරවාගේ හැසිරීම් අධ්‍යයනය කිරීමෙන් රුපියල් ලක්ෂ හතරහමාරක පමණ වටිනාකමින් යුතු රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් සොරකම් කිරීමේ සිදුවීමට අදාළව එම නිවෙසේම හිමිකාරිය ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කරන්දෙණිය පොලිසිය පවසයි. මෙලෙස සොරකමට අදාළව අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්අට හැවිරිදි එක් දරු ගැබිනි කාන්තාවකි.

අදාළ සැකකාරියගේ සැමියා කුරුඳු කැපීමට ගිය අවස්ථාවේ නිවසේ අල්මාරියේ තිබූ මුදල් සහ රන්භාණ්ඩ කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට අදාළ කාන්තාව විසින් සැමියාට දුරකථනය ඔස්සේ දැනුම්දී ඇති අතර ඒ අනුව සැමියා කරන්දෙණිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත.

පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී නිවසේ සුරතලයට ඇති කරන ගිරවා සොරකම සිදුවූ කාමරයේ දොර රෙද්දෙහි රැඳී සිටීමට පුරුදුවී සිටි බව නිරීක්ෂණයවී ඇත. එලෙස සෑම දිනකම එම ස්ථානයේ රැඳී සිටින සුරතල් ගිරවා එහි සිටියදී පිටස්තර අයකුට එහි ඇතුළු වීමට නොහැකි බැවින් මෙම සොරකම නිවැසියකු විසින් සිදුකර පොලිසිය නොමගයැවීමට කටයුතු කරමින් සිටින බවට පොලිසියට සැකයක් මතුවූ බව පොලිසිය සඳහන් කරයි.

එම සැකය මත සිදුකළ පරීක්ෂා කිරීම්වලදී මුදල් තිබූ අල්මාරි ලාච්චුවේ මිරිස් කුඩු දමා තිබූ බවත් පැමිණිලිකරුගේ මුළුතැන්ගෙයි මිරිස්කුඩු සමග අල්මාරියේ දමා තිබූ මිරිස්කුඩු සසදා බැලීමේදී එම මිරිස්කුඩු දෙවර්ගයම සමාන බවට හඳුනාගත් බව පොලිසිය පැවසීය.

අදාළ සැකකාර කාන්තාව සමග ඇයගේ පෙරපාසල් වයසේ පසුවන දරුවා පමණක් සොරකම සිදුවූ අවස්ථාවේ මෙම නිවසේ රැඳී සිට ඇත. එබැවින් පොලිසියට ඇතිවූ සැකය මත සොරකම සමබන්ධයෙන් අදාළ කාන්තාවගෙන් විමසූ බවත් එහිදී ඇය සොරකම සිදුකළ බවට පිළිනොගැනීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් නිල සුනඛ ඒකකයේ සුනඛයකුගේ සහායද මේ සඳහා ලබාගත් බවත් පොලිසිය පවසයි. ඒ අනුව පොලිස් නිල සුනඛයාද සොරකම සිදුවූ නිවසේ අල්මාරි ලාච්චුව ඉවකිරීමෙන් අනතුරුව දෙවතාවක්ම අදාළ කාන්තාව ඉව කිරීමත් සමග ඇය තමා සොරකම සිදු කළ බව පිළිගෙන තිබේ.

පසුව කරන ලද සෝදිසි කිරීම්වලදී නිවසේ නාන කාමරය ආසන්නයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ හයක මුදලක් සහ නිවසේ අල්මාරියේ තිබි සොරකම් කළ රන් ආභරණ මීට පෙර උකස් කළ කුවිතාංසි ද පොලිසිය සොයාගෙන ඇත.

සැමියා විසින් කුරුඳු කැපීමේ නිරතවෙමින් උපයන මුදල් සියල්ල බැංකුවේ තැන්පත් කරන ලෙස ඔහු විසින් සිය බිරිඳට ගෙනවිත් දී ඇතත් සැකකාරිය එම මුදල් තැන්පත්කර නොමැති බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත. එමෙන්ම නිවසේ තිබූ රන් ආභරණද සැකකාරිය විටින් විට උකස්කොට මුදල් ලබාගෙන ඇත.අත්අඩංගුවටපත් අදාළ සැකකාරිය ඊයේ (26 වැනිදා) ඇල්පිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හිමාල රාජපක්ෂ, අපරාද අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවීන්ද පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන සඳරුවන් (79784), රත්නායක (21964), කුමාරසිරි (106290), මාලන්(104098)කාන්තා පොලිස් කොස්තාපල් සඳමාලි(9201) යන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories