2025 අගෝස්තු 15 සිකුරාදා, 00:09
නවතම පුවත්

ගෑස් සිලින්ඩරේ නායක රනිල් නුවරඑළියේ දි අලියට කතිරෙ ගහන්න කියයි

වතු කම්කරුවන්ට පුරවැසිභාවය ලබාදීමට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ සමාජයෙන් සමාව ගතයුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

“මේක තමයි මම එජාපය වෙනුවෙන් කතා කරන පළමු රැස්වීම. අපි වෙනත් තැන්වල ගෑස් සිලින්ඩර් ලකුණින් තරග කළත් අපි නුවරඑළියේ අලියා ලකුණින් තරග කරන ලෙස ජීවන් තොණ්ඩමන් තරයේ කියා සිටියා” යැයි කොටගල පැවති ජනහමුවක් අමතමින් ඔහු පැවසීය.

“එදා වතු කම්කරුවන්ට පුරවැසිභාවය දෙනකොට ජවිපෙ නායක රෝහණ විජේවීර ඒකට තදින්ම විරුද්ධ වුණා,” ඔහු සිහිපත් කළේ එක්සත් ජාතික පක්ෂය සහ වතු ප්‍රජාව අතර ඇති සමීප සබඳතාව අවධාරණය කරමිනි.

“එජාපය 1947 සිට අඛණ්ඩව පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත් වී තිබෙනවා. මේ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමට අපි සෑමවිටම පහසුකම් ලබා දී තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

1986 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි අතර ඇති කරගත් ගිවිසුම් යටතේ ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති අයට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාදුන් බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය. “ඉන්දියාවේ හිටියත් ලංකාවේ හිටියත් නැති හැමෝටම අපි පුරවැසිකම දුන්නා” වික්‍රමසිංහ පැහැදිලි කළේය.

එකල වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීම සම්බන්ධයෙන් ජවිපෙ විවේචනය කළ ඔහු “ඔවුන්ට ඡන්ද අයිතිය ලබාදීමට විරුද්ධ වූ ජවිපෙට ඡන්දය දිය යුත්තේ ඇයි?” යනුවෙන් ප්‍රශ්න කළේය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories