2025 ජූනි 03 අඟහරුවාදා, 05:03
නවතම පුවත්

ගැරඬිඇල්ලේදී අනතුරට පත් බස් රථයේ කිසිදු කාර්මික දෝෂයක් නෑ

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී 23 දෙනකුට මරු කැඳවමින් ප්‍රපාතයට පෙරළුණ මගී බස් රථයේ කිසිදු කාර්මික දෝෂයක් නොමැති බව මූලික විමර්ශනවලින් තහවුරු වී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එහි ගිය විමර්ශන කණ්ඩායම විසින් කොත්මලේ පොලිස් ස්ථානයේ තිබෙන අනතුරට ලක්වූ සුන්බුන් වූ බස් රථය ධාවනය කර පරීක්ෂාවක්ද සිදුකර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

එහිදී අනාවරණය වී ඇත්තේ සුක්කානම ආශ්‍රිතව තිබෙන සුළු දෝෂයක් ගැන පමණකි. එය මෙවැනි බරපතළ අනතුරක් සිදුවීමට තරම් හේතුවක් නොවන බවද තහවුරු වී තිබේ. මේ බස් රථය අනතුරට ලක් වූ දින පාන්දර තේ පානය සඳහා අවසාන වතාවට නවත්වා ඇති ස්ථානයේ පැය බාගයක් විවේක ගැනීම වෙනුවට විවේක ගෙන ඇත්තේ පැය කාලක් පමණි.

ඊට හේතුව අතරමඟදී මාර්ග තදබදයකට මුහුණ දී ඇති නිසා විනාඩි 45ක ප්‍රමාදයක් සිදු වීමය. ඒ වෙලාව ආවරණය කරගැනීමට තේ පානය සඳහා වූ පැය භාගය විනාඩි 15කට සීමා කරගෙන තිබේ.

තේ පානය නිම වී බස් රථය නැවත ගමන් ආරම්භ කර යන අතරතුර අවස්ථා කිහිපයකදි රියැදුරු සුක්කානම අතහැර ඇඟමැලි කැඩීමක්ද සිදුකර ඇත. ඔහු වෙහෙසකින් හා නිදිමත ගතියකින් සිට ඇති බවට විමර්ශනයේදී පෙනී ගොස් ඇත

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories