2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:05
නවතම පුවත්

ගැටලුව ලිහා ගන්න සියලු පක්‍ෂ එක්වෙන්න

මෙරටින් ගන්නා භාණ්ඩ සඳහා 44%ක තීරුබදු පැනවීමට එක්සත් ජනපදය ගත් තීරණයෙන් පසු රට ආර්ථික අභියෝගවලට මුහුණ දෙන බැවින්, සියලු දේශපාලන පක්ෂ සිය වෙනස්කම් නොතකා එක් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

මෙම තීරුබදු ඇඟලුම් වැනි ප්‍රධාන අංශවලට දැඩි ලෙස බලපානු ඇති බව ද විරැකියාව වැඩි වීමට හේතු විය හැකි බව ද ඔහු පවසයි.

ශ්‍රී ලංකාව තවමත් 2022 ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බැවින්, රජයේ අපනයන ඉලක්ක දැන් අවදානමට ලක්ව ඇති බවත්, එමඟින් ආර්ථික ප්‍රකෘතිය තවත් දුෂ්කර වන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

තවද, ඇමරිකා එක්සත් ජනපදය සමග සාකච්ඡා සාර්ථක නොවන්නේ නම්, අයවැය යෝජනා නැවත සකස් කර අපනයන ආදායම් පවත්වා ගැනීම සඳහා විකල්ප විසඳුම් සොයන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

“අපි මෙම දැවැන්ත බාධකයට මුහුණ දෙන බැවින්, සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කර බලපෑමට ලක් වූ අංශවලට සහාය වීමට කාලයයි” යැයි නාමල් රාජපක්ෂ පැවසුවේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories