ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් නව සාකච්ඡා වටයක් පැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.
ඒ, අමෙරිකාවේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙනුයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ රටවල බලධාරීන්ගේ මැදිහත්වීමෙන් ලබන සතියේදී කටාර් රාජ්‍යයේ දෝහා හිදී සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.
අමෙරිකාවේ බුද්ධි ඒජන්සිය වන CIA හී අධ්‍යක්ෂ, විලියම් බර්න්ස් සහ ඊශ්‍රායලයේ බුද්ධි ඒකකය වන මොසාඩ්හි ප්‍රධානී ඩේවිඩ් බාර්නියා මෙම සාකච්ඡා සඳහා එක්වීමට නියමිත බව විදෙස් වාර්තාවල සදහන්.