මානුෂීය ආධාර රැගත් ලොරි රථ 93 ක් ඊයේ (20) ගාසා තීරයට ඇතුළු වූ බවට ඊශ්‍රායල නිලධාරීන් සඳහන් කර ඇත. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, මේ දක්වා කිසිදු ආධාරයක් බෙදා හැර නොමැති බවයි .
මේ වන විටත් ගාසා තීරය තුළ සාගතයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත.
ඉදිරි පැය 48 තුළදී ළදරු ආහාර සහ පෝෂණීය ආහාර ගාසා තීරයේ වෙසෙන දරුවන් වෙත ළඟා නොවුණහොත්, දරුවන් 14,000කට අධික පිරිසක් මිය යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානී Tom Fletcher පවසා ඇත. මේ තත්වය උදා වී ඇත්තේ ගාසා තීරයට තාවකාලිකව ආහාර ප්‍රමාණයක් යොමු කිරීමට ඊශ්‍රායලය පසුගියදා එකඟතාව පළකර තිබු මොහොතේදීය.