2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:12
නවතම පුවත්

ගායන ශිල්පී නදිමාල්ට පහරදුන් අයෙකු අත්අඩංගුවට

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර උතුර ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07) පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු මෙලෙස පහර දී තිබේ.

පහරදීමේන් තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පානදුර උතුර පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම උත්සව ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගය සඳහා නදිමාල් පෙරේරා නියෝජනය කළ සංගීත කණ්ඩායමට සංගීතය සැපයීම සඳහා ආරාධනා ලැබ තිබූණි.

සංගීත ප්‍රසංගය අතරතුරදී ඔහු පහළ මහලට බැස ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් පහරදීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලීසිය පවසයි.

තවද පොලීසිය පැවසුවේ මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා පානදුර උතුර පොලීසියෙන් කිසිදු අවසරයක් එම නිවාඩු නිකේතනය හෝ ප්‍රසංගය සංවිධානය කළ පාසල ද ලබා ගෙන නොමැති බවය.

කෙසේ වෙතත් සිද්ධිය සැලවීමෙන් පසු පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති සංජීව ලක්මාල් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ගැටුම මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පී නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර සැකකරුවන් අද (07) දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගැටුමට සම්බන්ධ අනෙක් පුද්ගලයන් සීසීටීවී දර්ශන අධීක්ෂනය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories