2026 මාර්තු 27 සිකුරාදා, 00:10
නවතම පුවත්

ගල් අඟුරු නැව් ප්‍රමාදයි, විදුලිය කැපීමේ අවදානමක්! දිනන දකුණ අනතුරු අඟවයි.

මෙරටට අවශ්‍ය ගල් අඟුරු තොග ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් නොවීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ සමස්ත රටම දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි ‘දිනන දකුණ’ සාමූහිකයේ නියෝජිත තුෂාර වීරරත්න මහතා පවසයි. මේ වසරේ අප්‍රේල් මාසයට පෙර ගොඩබෑ යුතු ගල් අඟුරු නැව් පහෙන් මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ නැව් දෙකක් පමණක් බවත්, දැනට ආනයනය කර ඇති ගල් අඟුරු තොගවල ප්‍රමිතිය පරීක්ෂා කර වාර්තාවක් ලබා ගැනීමට පවා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ගල් අඟුරු සමාගම අසමත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සති දෙකක පමණ කාලයක් තිස්සේ අදාළ තොග භාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව ප්‍රමාද වෙමින් පවතින අතර, එමගින් නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර අක්‍රිය වී යළිත් ඩීසල් විදුලි මාෆියාවට අවස්ථාව සැලසීමේ තර්ජනයක් මතුව ඇති බව වීරරත්න මහතා අවධාරණය කරයි.

ගල් අඟුරු ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල වන බරපතල චෝදනා පිළිබඳව රජය මෙතෙක් විනිවිද පෙනෙන පිළිතුරක් ලබා දී නොමැති බවත්, බලශක්ති අමාත්‍යාංශයේ මෙම අකාර්යක්ෂමතාව හේතුවෙන් මුළු රජයම ජනතාව හමුවේ අපකීර්තියට පත්ව ඇති බවත් පවසන ‘දිනන දකුණ’ සාමූහිකය, වහාම ක්‍රියාත්මක වී නිසි ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු විනිවිදභාවයකින් යුතුව මිලදී ගෙන විදුලි කප්පාදුව වැළැක්වීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories