2026 මාර්තු 20 සිකුරාදා, 08:06
නවතම පුවත්

ගල්කිස්ස වෙරළ අතුරුදන් – පරීක්ෂණයක් ඇරැඹේ

රුපියල් මිලියන 890ක් වියදමින් ඉදිකළ ගල්කිස්ස කෘත්‍රිම වෙරළ තීරය අතුරුදන්වීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

ගල්කිස්ස වෙරළ තීරයේ ඉදිකර ඇති කෘත්‍රිම වෙරළ කොටස පිළිබඳව නව අධ්‍යයනයක් සිදුකරන බව ද අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි පැවසුවේය.

මේ අතර, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසුවේ, පසුගිය වකවානුවේ ඉදිකරන ලද කෘත්‍රිම වෙරළ තීරයට අදාළ ක්‍රියාකාරකම් වාර්තා තම දෙපාර්තමේන්තුව විසින් සමාලෝචනය කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) වෙත වාර්තා කිරීමට ද බලධාරීන් සූදානම් වන බව වාර්තා වේ.

මේ වන විට ගල්කිස්ස වෙරළ තීරය සම්පූර්ණයෙන්ම ඛාදනය වී ඇත.

“අපි එම ස්ථානයට ගිය විට අලුතින් නිර්මාණය කළ කෘත්‍රිම මුහුදු බැම්ම පෙනෙන්න තිබුණේ නැහැ. 2021 අප්‍රේල් මාසයේදී, රට පුරා සංචාරක තහනමක් පැනවීම අතරතුර, දැඩි පොලිස් ආරක්ෂාව යටතේ වැලි ගොඩකිරීම සිදුකළා” ඔහු පවසයි.

ප්‍රදේශවාසීන්ගේ සහ පරිසර සංවිධානවල දැඩි විරෝධය හේතුවෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව එම ව්‍යාපෘතිය සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබිණි.

“කෘත්‍රිම වෙරළ තීරය අදියර තුනකින් ඉදිකර තිබුණා. මෙම ව්‍යාපෘතිය සඳහා වැලි ඝන මීටර් මිලියන 1.5 ක් භාවිතා කර ඇති අතර ගල්කිස්ස වෙරළට කිලෝමීටර් 6 ක් ඔබ්බෙන් වූ මුහුදෙන් ඒවා ලබාගෙන තිබෙනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.

පරිසර අධ්‍යයනයක් පදනම් කරගෙන මුහුදු පවුර නිර්මාණය කර ඇති බව ද ඔහු අවධාරණය කළේය.

අන්තර්ජාතික ප්‍රදානය කරන ලද ටෙන්ඩරයකට අනුව, ඩෙන්මාර්ක් සමාගමකට, දේශීය ඉදිකිරීම් සමාගමක් සමඟ සහයෝගයෙන්, කෘත්‍රිම මුහුදු බැම්ම නිර්මාණය කිරීමේ වගකීම පැවරී ඇති අතර, අදියර තුන සඳහා මුහුදු වැලි ඝන මීටර් 800,000 ක් භාවිත කර ඇතැයි පැවසේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories