ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ වයස අවුරුදු 23ක පුද්ගලයෙකු ඊයේ (1) කපාකොටා ඝාතනය කර තිබුණි. එම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වයස අවුරුදු 52ක් වන ශාන්ත රීටා පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අද (2) අලුයම ගල්කිස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට ඔහුගේ සහෝදරයා විසින් ගල්කිස්ස පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයේදී ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එලෙස කපාකොටා ඝාතනය කර ඇත්තේ එම අතුරුදහන් වූ පුද්ගලයා බවටය.
ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.